Back to Top

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන අදත් ක්‍රියාත්මකයි

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන අදත් ක්‍රියාත්මකයි

May 19, 2017  09:00 am

Bookmark and Share
දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (19) දිනයේ ද ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සීඝ්‍ර ලෙස පැතිර යන ඩෙංගු රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

ඩෙංගු අධි අවදානම් කලාප ආවරණය වන පරිදි මෙම වැඩසටහන පැවැත් වෙයි.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 43,915ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 125ක් වාර්තා වී ඇත.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මඩකලපුව, කල්මුණේ , කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, යාපනය, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.