Back to Top

Ad

වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීම - තව දුරටත් මෙහෙයුම්

වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීම - තව දුරටත් මෙහෙයුම්

May 19, 2017  08:55 am

Bookmark and Share
වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කඩා වැටීමේ සිද්ධියෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහය ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ගොඩනැඟිල්ල කඩා වැටීම පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර ඊයේ (18) ගොඩනැඟිල්ලට සිරවී සිටියදී මුදාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මියගොස් තිබේ.

මේ වන විට අදාළ සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් 19 දෙනෙකු කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.