Back to Top

Ad

ජාතික රණවිරු සැමරුම් දිනය ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික රණවිරු සැමරුම් දිනය ජනපති ප්‍රධානත්වයෙන්

May 19, 2017  08:51 am

Bookmark and Share
ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ද දිවි පිදූ රණවිරු පවුල්වල සාමාජිකයන් ද සහභාගී වෙනු ඇත.

එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය පරාජය කර රට මුදාගැනීම සැමරීම සඳහා ජාතික රණවිරු උත්සවය සංවිධානය කෙරෙයි.

මේ අතර උත්සවය හේතුවෙන් අද දිනයේ බත්තරමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

අද දින පස්වරු 2.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කිරීමට හෝ වසා තැබීමට සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව පොල්දූව හන්දියේ සිට පැලවත්ත හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගය, කිඹුලාවල හන්දියේ සිට කියන් හෑම් වටරවුම හරහා පාලම් තුන හන්දිය දක්වා ජපන් මිත්රුත්ව මාර්ගය, පාලම් තුන වටරවුමේ සිට කියන් හෑම් වටරවුම හරහා පොල්දූව හන්දිය දක්වා මාර්ගය සහ පැලවත්ත හන්දියේ සිට කියන් හෑම් හරහා පොල්දූව හන්දිය දක්වා යන මාර්ගවල මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වෙයි.

මේ හේතුවෙන් මාර්ග තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.