Back to Top

පිළියන්දල වෙඩි තැබීම-තුවාල ලැබූ දැරිය මිය යයි

AdaDerana Ad

පිළියන්දල වෙඩි තැබීම-තුවාල ලැබූ දැරිය මිය යයි

May 19, 2017  08:16 am

Bookmark and Share

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පිළියන්දල ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි 11 හැවිරිදි දැරිය මියගොස් තිබේ.

 කොළඹ ජාතික රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැරිය අද(19) අළුයම 3.45ට පමණ මියගිය බවයි.

පසුගිය මැයි මස 09 වැනිදා රාත්‍රි මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා පිටත්ව ගිය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ගමන් කළ මෝටර් රථයකට  සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු මියගිය අතර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ අසල සිටි දරුවන් දෙදෙනෙකු ද තුවාල ලැබීය.

එම දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර බරපතළ තත්ත්වයේ පසු වු දැරිය පසුගිය 17 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

සිද්ධියෙන් තුවාල ලැබු පිරිමි දරුවා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මියගොස් ඇත්තේ පිළියන්දල මඩපාත පොල්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි දැරියක බව පොලීසිය සඳහන් කළේය.