Back to Top

 වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීම-1ක් මරු දකියි

AdaDerana Ad

වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීම-1ක් මරු දකියි

May 18, 2017  10:47 pm

Bookmark and Share



වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් එයට ය‍ට වී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

අදාළ සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 23 දක්වා ඉහළ ගොස් තිබේ.

අද පෙරවරුවේ  සැවෝයි සිනමා ශාලාව අසල අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැගිල්ලක  කොටසක් මෙලෙස කඩා වැටුණි.

 මේ වන විටත් ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව එහි සිටින අද දෙරණ වාර්තාකරු පවසයි.