Back to Top

  වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීම-තුවාල ලැබූ පුද්ගලයින් 23 දක්වා ඉහළට

AdaDerana Ad

වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීම-තුවාල ලැබූ පුද්ගලයින් 23 දක්වා ඉහළට

May 18, 2017  09:53 pm

Bookmark and Share


වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් තුවාල ලැබු 14 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ  රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

 නව දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේය.

අද පෙරවරුවේ  සැවෝයි සිනමා ශාලාව අසල අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැගිල්ලක  කොටසක් මෙලෙස කඩා වැටුණි.

 මේ වන විටත් ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව එහි සිටින අද දෙරණ වාර්තාකරු පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් වැල්ලවත්ත පොලීසිය මූලික විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

 මේ අතර අදාළ ගොඩනැගිල්ල  සඳහා අනුමැතිය ලැබී ඇත්තේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා බවට වාර්තා වන බව ජාතික ඉදිකිරීම් සංගමය සඳහන් කළේය.

 එහි සභාපති අතුල ප්‍රියන්ත මහතා පැවසුවේ තෙමහල් ගොඩනැගිල්ලක් සඳහා අනුමැතිය ලැබුණ ද එය මහල් පහක් දක්වා ඉදිකිරීම සිදුකර ඇති බවට වාර්තා වන බවයි.

 කෙසේවෙතත් අදාළ ඉදිකිරීම් භාරව කටයුතු කළ සමාගම තම සංගමයේ සාමාජිකයෙකු නොවන බව ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති අතුල ප්‍රියන්ත මහතා පැවසුවේය.

අදාළ ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් භූමියේ ස්වභාවය ද බලපාන්නට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යාව පිළිබද මහාචාර්ය   අතුල සේනාරත්න මහතා පැවසුවේය.