Back to Top

  GSP ගන්න රටට අහිතකර කොන්දේසි රැසකට එකඟවෙලා

GSP ගන්න රටට අහිතකර කොන්දේසි රැසකට එකඟවෙලා

May 18, 2017  09:42 pm

Bookmark and Share


ආණ්ඩුව ජී.එස්.පී.ප්ලස් සහනය ලබාගැනීම සඳහා රටට අහිතකර කොන්දේසි රැසකට එකඟ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේ එම කොන්දේසි සම්බන්ධයෙන් වහාම රටට හෙළි කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි.

 කොළඹ අද(18)  පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මොහොමඩ් මුසම්මිල් මහතා මෙම අදහස් පළ කළේය.ෙ

කෙසේවෙතත්  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ වත්මන් රජය බලයට පත් නොවුනානම් ජී.එස්.පී.ප්ලස් සහනය මෙන්ම යුරෝපා මත්ස්‍ය තහනම ද ඉවත් කරගැනීමට නොහැකි වනු ඇති බවයි.

 කෙසේවෙතත් ජාතික නිදහස් පෙරමුණු මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දි එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ කැබිනට් සංශෝධන සිදුකරන බවට ආණ්ඩුව පැවසුවත් එය තවමත් ක්‍රියාත්මක කර නොමැති බවයි.