Back to Top

 වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට පහව යයි

වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට පහව යයි

May 18, 2017  09:35 pm

Bookmark and Share
Ad



පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට(19) දිනය තුළ පහව යනු ඇති බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ වායුගෝලයේ හටගෙන ඇති අභිසාරී තත්ත්වයක් හේතුවෙන් අද දිනයේ අකුණු සමග තද වැසි හා සුළං ඇති වන බවයි.

කෙසේවෙතත් නිරත දිග මෝසම ආරම්භ වීමට පෙර සාමාන්‍යයෙන් ඇති වන පෙර මෝසම් තත්ත්වයත් සමග මෙවැනි තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.