Back to Top

 පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවනය සීමාවෙයි-කැළණිවැලි දුම්රිය ධාවනය යථා තත්ත්වයට

පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවනය සීමාවෙයි-කැළණිවැලි දුම්රිය ධාවනය යථා තත්ත්වයට

May 18, 2017  09:23 pm

Bookmark and Share


කටුනායක සහ කුරන අතර මාර්ගයේ පාළමක් පුපුරායාම හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ බලවේග කට්ටල දුම්රිය පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පවතින අධික වාර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පැවසුවේ නුගේගොඩ පැඟිරිවත්ත සහ උඩහමුල්ල දුම්රිය ස්ථාන අතර මාර්ගයට ස්ථාන දෙකකදී ගස් කඩා වැටී ඇති බවයි.

මේ හේතුවෙන් අද පස්වරුවේ පාදුක්ක බලා ධාවනය වු දුම්රිය නුගේගොඩ දුම්රිය ස්ථානයේ නතර කිරීමට සිදුවු බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරීවරයා සඳහන් කළේය.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකර අවසන් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.