Back to Top

 දඩ මස් ප්‍රවාහනය කරද්දී මාට්ටු

AdaDerana Ad

දඩ මස් ප්‍රවාහනය කරද්දී මාට්ටු

May 18, 2017  09:12 pm

Bookmark and Share


ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ  සර්වෝදය - කුබුක්වැව ප්‍රදේශයේදී ත්‍රීවිල් රථයකින් දඩ මස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ලුණුගම්වෙහෙර උද්‍යාන මුලස්ථාන කාර්යාලයේ නිලධාරීන් සමත්වී තිබේ.

ලැබුණු තොරතුරක් ඔස්සේ  මෙම වැටලීම සිදුකර ඇති  අතර වැටලීම් සිදුකරන අවස්ථාවේ මස්  ප්‍රවාහනය කරමින් සිටි ත්‍රීවිල් රථයේ දෙදෙනෙකු සිට ඇති අතර එක් අයෙකු පළා ගොස්තිබේ.

වන ජීවී නිලධාරීන් විසින් අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සෝදිසි කිරීමේදී ත්‍රිවිල් රථය තුළ තිබී මරණ ලද මුවන්ගේ හා වල් ඌරු මස් කිලෝ 80 ක් පමණ සොයාගෙන ඇත.

 අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු  පවසා ඇත්තේ මංගල උත්සවයක් සඳහා අදාළ මස් තොගය ගෙන යන බවයි.

සැකකරු තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු වන අතර පළාගිය සැකකරු ද හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භකර තිබෙන බව වනජීවී නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු හා මස් ප්‍රවාහනය කළ ත්‍රීවිල් රථය තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.