Back to Top

  සහල් අලෙවියේ අක්‍රමිකතා සොයන්න විශේෂ මෙහෙයුමක් අරඹයි

සහල් අලෙවියේ අක්‍රමිකතා සොයන්න විශේෂ මෙහෙයුමක් අරඹයි

May 18, 2017  09:07 pm

Bookmark and Share


වෙළෙඳපලේ සහල් අලෙවියේ දී සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්  මෙම වැටලීම් සඳහා යොදවා ඇති බව එම අධිකාරිය පවසයි.

සහල් වැඩි මිලට අලෙවි කිරීම, කල් ඉකුත් වු හා පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවිය, කල් ඉකුත්වීමේ දිනය වෙනස් කිරීම වැනි අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් මෙම වැටලීම්වලදී තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඊයේ දිනයේ පිටකොටුව පරණ යෝන්වීදිය ප්‍රදේශයේ අලෙවිසැලක තිබී කල් ඉකුත්වීමේ දිනය වෙනස් කර තිබු සම්බා සහල් කිලෝග්‍රෑම් 2200ක තොගයක් සොයාගෙන තිබේ.

පිටකොටුව හරස්වීදිය ප්‍රදේශයෙන් කල් ඉකුත් වු  සහල් කිලෝග්‍රෑම් 4740ක තොගයක් සොයාගත් බව පාරිභෝගික අධිකාරිය පැවසුවේය.

එමෙන්ම සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 7කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද එම අධිකාරිය සඳහන් කළේය.