Back to Top

Ad

 අනතුරු 2යි-1ක් මරුට-15ට තුවාල

අනතුරු 2යි-1ක් මරුට-15ට තුවාල

May 18, 2017  09:05 pm

Bookmark and Share

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් හත් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාර්ගය හරහා ගමන් කළ දරුවා කැබ් රථයක ගමන් කිරීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරට සම්බන්ධ කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව මුලතිව් පොලීසිය පැවසුවේය.

මේ අතර තෝප්පුව  කුලියාපිටිය  ප්‍රධාන මාර්ගයේ කිරිමැටියාන ප්‍රදේශයේදී බියර් පටවා ගත් ලොරියක්  මගී බස් රථයක ගැටීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ .

අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු දන්කොටුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව  මිගමුව හා කොළඹ ජාතික රෝහලට ඇතුළත්  කර කර ඇති බව වාර්තා වෙයි.

මගී ප්‍රවාහන බස් රථය  මීගමුවේ සිට කුලියාපිටිය දක්වා ගමන් කර ඇති අතර  බියර් පටවා ගත් ලොරි රථය කොළඹ සිට හලාවත දක්වා  ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව ඇත.