Back to Top

වළ පයයි ගොඩ පයයි තිබුණත් කිසිවෙකුටත් බය නෑ

වළ පයයි ගොඩ පයයි තිබුණත් කිසිවෙකුටත් බය නෑ

May 18, 2017  05:22 pm

Bookmark and Share

2002 වසරේ සිට 2017 දක්වා කාලය තුළ වෛද්‍ය සභාවට ප්‍රහාර 7 ක් එල්ල වී ඇති බවත් වයස 84 ක් වන තමාව මෙවැනි බිය ගැන්වීම් තුළින් කවරෙකුට හෝ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ඉඩ නොදෙන බව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

අද (18) පැවති වෛද්‍ය සභාවේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියේ ය.

සෑම විටම රෝගීන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම තම කාර්යභාරය බව ද ඒ සඳහා ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය අධ්‍යාපනයක් හා වෛද්‍යවරුන්ගේ වෘත්තිය විනය නිසි ලෙස පැවතිය යුතු බව ද මහාචාර්යවරයා පවසා සිටියේ ය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ මහාචාර්ය නන්ද වර්ණසූරිය මහතා කියා සිටියේ 2011 වසරේ දී සයිටම් ආයතනය උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට තමා ඇතුළු පුද්ගලයින් 9 කුගෙන් සමන් විත කොමිසමක් පිහිටුවා තිබු බවත් එහිදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් පැවති යහපත් හා අයහපත් කරුණු 14 ක් පාදක කර ගනිමින් මාස 6 කින් පසුව ඇඟයිමක් සිදු කළ යුතු බවට වාර්තාවක් ලබා දුන් බවයි.

කෙසේ වෙතත් නන්ද වර්ණසූරිය මහතා එම කාලය තුළ විදෙස් ගත වී සිට නැවත පැමිණෙන විට එම වාර්තාවේ කරුණු සතුටුදායක යැයි සානාථ කර එයට අනුමැතිය ලබා දී තිබු බවත් ඒ සඳහා නිලධාරීන් 4 ක් පමණක් අත්සන් තිබුණ ද එහි කිසිදු නීතිමය තත්ත්වයක් නොතිබෙන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.