Back to Top

කෝටි තුන හමාරකට වැඩි රන් මාල තොගයක් එක්ක ගුවන් සේවකයා මාට්ටු

කෝටි තුන හමාරකට වැඩි රන් මාල තොගයක් එක්ක ගුවන් සේවකයා මාට්ටු

May 18, 2017  03:29 pm

Bookmark and Share


රුපියල් මිලියන 35ක් වටිනා රත්‍රං තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

  ගුවන්තොටුපල රේගු බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ පරික්ෂාවකදී අදාළ රන් මාල තොගය සමග සැකකරු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි ගුවන් සේවා කාර්යය මණ්ඩලයක සාමාජිකයෙකු බව සඳහන්ය.

ඔහු සතුව තිබී කිලෝග්‍රෑම් 6කට වැඩි බරින් යුත් රන් මාල තොගයක් සොයාගෙන ඇති අතර සැකකරු රඳවා තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 අදාළ රන්මාල තොගය මැලේසියාවේ සිට නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.