Back to Top

Ad

 කිරිබත්ගොඩ තොරණක් කඩා වැටිලා-වාහන 4ට දැඩි හානි

කිරිබත්ගොඩ තොරණක් කඩා වැටිලා-වාහන 4ට දැඩි හානි

May 18, 2017  03:19 pm

Bookmark and Share

පවතින අධික වර්ෂාව සහ දැඩි සුළඟ හේතුවෙන් කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ තොරණක් කඩාවැටී වාහන හතරකට අලාභ හානි සිදුව තිබේ.

මේ හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ අතර මහරගම නගරයේ තොරණ ඇලවීමේ අවධානමක් මතුවී තිබෙන බවට වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ හේතුවෙන් ඒ අවට නවතා තිබූ රථවාහන ඉවත් කිරීමට මහරගම පොලීසිය පියවරගත් බව අප වාර්තාකරු ප්‍රකාශ කළේය.