Back to Top

Ad

කඩාවැටුණු බිල්ඩිමේ සුන්බුන් අතරින් කෑගැසීම් ඇසෙයි

කඩාවැටුණු බිල්ඩිමේ සුන්බුන් අතරින් කෑගැසීම් ඇසෙයි

May 18, 2017  02:59 pm

Bookmark and Share

වැල්ලවත්ත, චාර්ලිමන් රෝඩ්හි කඩාවැටුණු පස් මහල් ගොඩනැඟිලේ සුන් බුන් අතර තවත් පිරිස් සිරවී සිටින බවට තොරතුරු වාර්තා වන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අධික වර්ෂාවත් සමග පිරිස් මුදාගැනීමේ කටයුතු දැඩි අසීරුවී ඇති බවත්, එසේ වුවද සුන්බුන් අතර සිටින කිසිවෙකු තමන් බේරාගන්නා ලෙස කෑගසන හඬ ඇසෙන බවට වාර්තා වන බවත් සඳහන්ය.

ගිනි නිවන හමුදා මැදිහත්ව මේවන විට එම පුද්ගලයා බේරාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අවට දැඩි රථ වාහන තදබදයක් පවත්නා බවත් වාර්තා වේ.

යුද හමුදා, ගිනි නිවන හමුදා හා පොලීසිය එක්ව තව දුරටත් මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන බව අප වාර්තාකරු පවසයි.