Back to Top

 කොළඹට වැස්ස-ප්‍රදේශ කිහිපයක ට්‍රැෆික්

AdaDerana Ad

කොළඹට වැස්ස-ප්‍රදේශ කිහිපයක ට්‍රැෆික්

May 18, 2017  02:28 pm

Bookmark and Share

මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවතියි.

ග්‍රෑන්ඩ් පාස්, දෙමටගොඩ, බොරැල්ල, කිරුළපන, හයිලෙවල් මාර්ගය, තුන්මුල්ල අවට රථවාහන තදබදයක් පවතින බව වාර්තා වෙයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමග තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං පැවතිය හැකි අතර උතුර සහ දකුණු මුහුදු ප්‍රදේශවල කිලෝමීටර 60 - 70 දක්වා ඉහළ යන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.