Back to Top

Ad

කැබිනට් සංශෝධනයක් නෙවෙයි ආණ්ඩු සංශෝධනයක් ඕනේ

කැබිනට් සංශෝධනයක් නෙවෙයි ආණ්ඩු සංශෝධනයක් ඕනේ

May 18, 2017  01:12 pm

Bookmark and Share
වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන තත්ත්වය තුළ අවශ්‍ය වන්නේ කැබිනට් සංශෝධනයක් නොව ආණ්ඩු සංශෝධනයක් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අද (18) උදෑසන ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

එමෙන්ම අද දවස සාර්ථක ලෙස සැමරිය යුතු දිනයක් බවත් අතීතයේ දී නම් මානුෂීය මෙහෙයුම තුළින් උතුරේ ජනතාවට එහි ප්‍රතිලාභයන් හිමි වු නමුත් වත්මන් ආණ්ඩුව ඒ සියල්ල කප්පාදු කර ඇති බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා හා රණවිරුවන් එක්ව අතීතයේ දී මානුෂීය මෙහෙයුමක් කළ බවත් අද වන විට වත්මන් ආණ්ඩුව පළිගැනීමේ මෙහෙයුමක් කරන බවත් ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී කියා සිටියේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් හෙළි කරනු ලැබු ටොප් ටෙන් සිදුවීම් හේතුවෙන් මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සහයක රජය නිරත වන බවට ද ඉන්දික අනුරුද්ධ මහතා චෝදනා කළේය.