Back to Top

 නීතිපති උපදෙස් ලැබෙන තෙක් හම්බන්තොට නඩුව කල් යයි

AdaDerana Ad

නීතිපති උපදෙස් ලැබෙන තෙක් හම්බන්තොට නඩුව කල් යයි

May 18, 2017  12:49 pm

Bookmark and Share


ආයෝජන කලාපයට ඉඩම් පවරා ගැනීමට විරෝධය පළකරමින් පසුගිය ජනවාරි 07 දා දින  විරෝධතාවයේදී අත්අඩංගුවට ගත්  පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති අතර නීතිපති උපදෙස් ලැබෙන තෙක්  ඒ සම්බන්ධයෙන් පවතින නඩු විභාගය කල් දමා තිබේ.

ලබන නොවැම්බර් 27 දක්වා අදාළ නඩු විභාගය කල් තැබීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද(18) නියෝග කර තිබේ .

අද දින කැඳවා තිබු මෙම නඩු විභාගය  සඳහා ඇප පිට නිදහස්ව සිටින පුද්ගලයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ අතර පැමිණිල්ල වෙනුවෙන් නිතිඥය  රුවන් ගුණසේකර මහතා සහ රජයේ නීතිඥය වරයා පෙනී සිටියේය.

රුහුණුපුර සංවර්ධන සැලැස්මට මුල් ගල් තැබූ ඉකුත් ජනවාරි (07)  දිනයේ අම්බලන්තොට දී කලහකාරී ලෙස හැසිරෙමින් පොදු දේපලට හානි කළේ යැයි චෝදනා ලැබ පොලීසිය මඟින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හම්බන්තොට අධිකරණයට  ඉදිරිපත් කළ  සැකකරුවන් 39 දෙනා විටින් වි  ඇප මත නිදහස් කරන ලදී.