Back to Top

Ad

වැල්ලවත්ත ගොඩනැඟිල්ල කඩා වැටීම - 21ක් රෝහලට

වැල්ලවත්ත ගොඩනැඟිල්ල කඩා වැටීම - 21ක් රෝහලට

May 18, 2017  11:40 am

Bookmark and Share

වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛාව 23 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් මේ වන විට කොළඹ ජාතික රොහලේ සහ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

-----------------

වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්  14 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) ට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පවසයි.

මහල් පහකින් යුතුව ඉදිකරමින් පැවති ගොඩනැඟිල්ලක කොටසක්  මෙලෙස කඩාවැටීමට ලක්ව ඇති අතර ගොඩනැඟිල්ලට යටවූ තවත් පිරිස් මුදාගනිමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

එහිදී පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.

අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවද  සඳහන්ය.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලට තුවාලකරුවන් 14 දෙනෙකු ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.

මේ අතර  සිද්ධියෙන් තුවාල ලැබු තවත් තුවාල කරුවන් 07 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරී බට පිරිසක්ද අදාළ සිද්ධියේ සහන කටයුතු සඳහා යොදවා ඇති බව වාර්තා වෙයි.