Back to Top

 අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළව විශේෂ ගැසට් නිවේදනයක් එයි

AdaDerana Ad

අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළව විශේෂ ගැසට් නිවේදනයක් එයි

April 20, 2017  08:55 pm

Bookmark and Share


සියලූ පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඒ අනුව ඕනෑම පළාත් පාලන ආයතනයක් මඟින් ක්‍රියාත්මක කරන අපද්‍රව්‍ය ඉවත් කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, බැහැර කිරීම මෙන්ම ඊට අදාළව ගැනෙන කටයුතු මෙම සේවාවට අයත් වෙයි.

එම කාර්යයන්හි යෙදීම වැළැක්වීම, බලපෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කරන අන්දමින් කටයුතු කිරීම මෙන්ම අදාළ කටයුතු අවහිර කිරීමට තැත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

මෙම විධි විධාන කඩකරන පුද්ගලයන් වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත හැකි අතර, නඩු විනිශ්චයකින් පසු බරපතළ සිරදඬුවමකට ලක් කළ හැකි බවද එහි සඳහන් වෙයි.



මීතොටමුල්ල කසළ සම්බන්ධ විශේෂ ගැසට් නිවේදනය by deranapics on Scribd