Back to Top

 මුහුදු ගොස් රෝගාතුර වූ ධීවරයෙක් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි

මුහුදු ගොස් රෝගාතුර වූ ධීවරයෙක් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි

April 20, 2017  07:20 pm

Bookmark and Share


ධීවර කටයුතු සඳහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටියදී හදීසියේ රෝගාතුර වූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙනවිත් තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීමක් අනුව දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක්  මගින් ඔහු ගොඩබිමට රැගෙන ආ බව නාවික හමුදාව සඳහන් කළේය.

පසුගිය 06 වනදා බේරුවල ධීවර වරායෙන් පිටත්ව ගිය ග්‍රෙගරි 1 නැමැති බහු දින ධීවර යාත්‍රාවේ ගමන් ගත් ධීවරයෙකු හදිසි හෘදයාබාධ තත්ත්වයකට ලක්ව ඇති බව සඳහන්වේ.

ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

MOST VIEWED VIDEO STORIES