Back to Top

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ලබන 27 දා

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ලබන 27 දා

April 20, 2017  07:16 pm

Bookmark and Share


මෙවර  කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ලබන 27 වන දින ආරම්භවීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන විභාගය පරිගණක ආශ්‍රයෙන් පමණක් පැවැත්වීමට නියමිත අතර එක් එක් විභාග අපේක්ෂකයින් මත විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය යන තොරතුරු  www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම කාර්යංශය පෙන්වාදෙයි.

27 වන දින ආරම්භ වන මෙවර විභාගය එදින සිට මාස 04ක් පන්නිපිටිය දෙපානම පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රයේ රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන් සඳහා පැවැත්වෙන මෙම විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් 22,888 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ඉන් 16,431 දෙනෙකු නිෂ්පාදන අංශයේ විභාගයට පෙනී සිටීමට නියමිත අතර 6457 දෙනෙකු ධීවර අංශයේ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.