Back to Top

 රුසියාව බලා පිටත්ව යාමට නියමිත ලාංකික ශිෂ්‍ය කණ්ඩායම ජනපති හමුවෙයි

රුසියාව බලා පිටත්ව යාමට නියමිත ලාංකික ශිෂ්‍ය කණ්ඩායම ජනපති හමුවෙයි

April 20, 2017  07:10 pm

Bookmark and Share


18 වන ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියට සහභාගී වීම සඳහා රුසියාව බලා  පිටත්වයාමට නියමිත ශ්‍රී ලාංකික ශිෂ්‍ය කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

අද(20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම සිසු සිසුවියන් හමුවූ ජනාධිපතිවරයා ඔවුන් වෙත රුපියල් ලක්ෂය බැගින් ගමන් දීමනාවක් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලබන මැයි මස පළමු වනදා සිට 09 වනදා දක්වා රුසියාවේ සයිබීරියා ප්‍රාන්තයේ පිහිටි විශ්වවිද්‍යාලයකදී පැවැත්වීමට නියමිත ඔලිම්පියාඩ් තරඟාවලිය සඳහා ආසියාතික රටවල් 22ක තරඟකරුවන් සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලාංකික ශිෂ්‍ය කණ්ඩායමට රුසියාවේ සිට තරඟාවලිය පැවැත්වෙන විශ්වවිද්‍යාලය දක්වා යාමට අවශ්‍ය ගුවන් පහසුකම් සපයන ලෙස  රුසියානු තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.