Back to Top

ග්ලයිෆොසේට් බැරල් 160ක් අල්ලයි

ග්ලයිෆොසේට් බැරල් 160ක් අල්ලයි

April 20, 2017  05:34 pm

Bookmark and Share


මෙරටට ආනයනය තහනම් කර ඇති ග්ලයිෆොසේට් විෂ රසායනය අඩංගු කන්ටේනර් දෙකක් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙකක් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඒවා පරීක්ෂා කිරීමේදී මෙම ග්ලයිෆොසේට් විෂ රසායන තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් විසින් වෙනත් රසායනික ද්‍රව්‍යයක නාමයකින් මෙම බහාලුම් පසුගිය මාර්තු මස 15 වන දින මෙරටට ආනයනය කර තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවසුවේය.

ඒ අනුව විවෘත කරන ලද කන්ටේනර් තුළ තිබී ග්ලයිෆොසේට් විෂ රසායනය ඇතුළත් ලීටර 200 බැඟින් අඩංගු බැරල් 160ක් සොයාගෙන තිබේ.

ග්ලයිෆොසේට් රසායන ද්‍රව්‍ය මෙරටට කිසිඳු ආකාරයකින් ආනයනය කළ නොහැකි තහනම් රසායනික ද්‍රව්‍යක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.