Back to Top

  වික‍්‍රමාන්විත සංචාරක සේවාවල ප‍්‍රමිතිය නගාසිටුවන්න ජාතික ප‍්‍රතිපත්තියක්

වික‍්‍රමාන්විත සංචාරක සේවාවල ප‍්‍රමිතිය නගාසිටුවන්න ජාතික ප‍්‍රතිපත්තියක්

April 20, 2017  04:23 pm

Bookmark and Share



වික‍්‍රමාන්විත සංචාරක සේවාවල ප‍්‍රමිතිය නගාසිටුවන්න ජාතික ප‍්‍රතිපත්තියක් හා සංචාරක ආකර්ශනය වැඩිකරවන්න ඒකාබද්ධ සංවර්ධන මෙහෙයුමක් සම්බන්ධ සාකච්ඡාවක් ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් පවත්වා තිබේ.

අද(20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශකර ඇති අතර එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ,

වික‍්‍රමාන්විත සංචාරකසේවා(Adventure Tourism)සහ වික‍්‍රමාන්විත පුහුණුසේවා Adventure Training)යනු ලෝකයේ සංචාරක ව්‍යාපාරය තුළ වේගයෙන් ඉතාමත් ජනප‍්‍රියවෙමින් පවතින අංශ දෙකකි. මෙම ක්ෂේත්‍රය තුළ ලාංකික සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම අරමුණ කරගනිමින් සංචාරක ක්‍ෂේත්‍රය තුළ සිටින සේවා සම්පාදකයින් සහ ක්ෂේත්‍රයේ නියාමකයින් සමඟ සාකච්ඡාවක් පසුගිය 19 වැනිදින අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණි.

ජාතික ප‍්‍රතිපත්තිහා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සහ ශී‍්‍ර ලංකාසංචාරක සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙය සංවිධානයකර තිබුණි.මෙහි මූලික පරමාර්ථය වී තිබුනේ ශී‍්‍ර ලංකාව තුළ වික‍්‍රමාන්විත සංචාරක සේවා ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කරවීමයි.

සංචාරකයින් ඉලක්කකරගත් මෙවැනි වික‍්‍රමාන්විත ක‍්‍රියාකාරකම් සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්ත්වයන්ට සමාන වන ලෙස ශී‍්‍ර ලංකාව තුළ ද එම ක්ෂේත‍්‍රය වැඩි දියුණුවිය යුතුය. ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශය මේ සඳහා දැනටමත් කටයුතු කරන අතර මෙම ක‍්‍රියාවලිය සඳහා දායක වන සිය සේවා සම්පාදකයින්ගේ ප‍්‍රමිති ප‍්‍රවර්ධනය සඳහාද ඔවුන් මැදිහත්වීමට එකඟ විය.

මෙම කාර්යය සක‍්‍රියව සහ සංවිධානාත්මකව ක‍්‍රියාත්මක කරවීම සඳහා තීරණ රැසක් එහි දී ගන්නා ලදී.ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වෙබ් අඩවියක් ස්ථාපනය කර ඒ හරහා ශී‍්‍ර ලංකාව තුළ වික‍්‍රමාන්විත ක‍්‍රියාකාරකම් සඳහා සේවා සපයන ස්ථාන සහ එම ස්ථාන මඟින් සපයන සේවාවන් පිළිබදව තොරතුරු ඉදිරිපත්කරනු ඇත. ශී‍්‍ර ලංකා නාවුක හමුදාව මගින් එම ජලාශ ආශිත වික‍්‍රමාන්විත සේවා සපයන ආයතන සම්බන්ධීකරණය කරමින් එහි වර්තමාන තත්ත්වය පිළිබදව සොයා බැලීමටත් එයට සමගාමීව ශී‍්‍ර ලංකා ගුවන හමුදාව සහ ශී‍්‍ර ලංකා යුධ හමුදා විශේෂ බලකාය මඟින් ගුවනේ සහ ගොඩබිමේ සිදුකරන වික‍්‍රමාන්විත ක‍්‍රියාකාරකම් සඳහා සේවා සපයන ආයතන සම්බන්ධීකරණය කිරීමටත් සැලසුම්කරන ලදී.

හදිසි සන්නිවේදන කටයුතු සහ ගලවා ගැනීමේ මෙහෙයුම් කටයුතු ආදිය සඳහා ශී‍්‍ර ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම මගින් සියළුම දුරකථන සේවා සම්පාදකයින් සහ හදිසි ප‍්‍රතිචාර ඒකකයන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු සිදුකරන අතර එවැනි හදිසි අවස්ථා සඳහා ඇමතුම් ලබාදිය හැකි පොදු දුරකථන අංකයක් ද හඳුන්වා දීමට නියමිතය. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මඟින් වෘත්තිය පුහුණු ප‍්‍රවර්ධන කමිටුව සමඟ එක්ව වික‍්‍රමාන්විත කි‍්‍රයාකරකම් පුහුණුකරු ජාතික වෘත්තිය සුදුසුකමට(NVQ)අනුව ප‍්‍රමිතිගතව පුහුණු කරනු ලැබේ. ශ‍්‍රී ලංකා රක්‍ෂණ මණ්ඩලය මෙවැනි වික‍්‍රමාන්විත සංචාරක සේවා සපයන ආයතන සහ සහභාගිවන්නන්ගේ රක්‍ෂණ පහසුකම් සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු සිදුකරනු ඇත.

මෙම සාකච්ඡාවේදී සියළුදෙනාම ඒකමතිකව පිළිගනු ලැබූයේ වික‍්‍රමාන්විත සංචාරක සේවා සහ පුහුණ කටයුතු ඉතා වේගයෙන් ජනප‍්‍රිය වෙමින් පවතින බවත් ශී‍්‍ර ලංකාව තුළ එම ක්ෂේත‍්‍රයේ සේවා සම්පාදකයින් විසින් ඉහළ පුහුණුවක් සහ ආරක්‍ෂිත උසස් ප‍්‍රමිතීන්ගෙන් යුතුව ඒ සඳහා ඉක්මනින් සූදානම් වියයුතු බවයි.එය ශී‍්‍ර ලංකා සංචාරක කර්මාන්තයේ ඉහළ ආකර්ශනයකට හේතුවන අතර ජාතික ආර්ථිකය නගා සිටුවන ප‍්‍රධාන සංවර්ධන උපක‍්‍රමයක් බවට ද පත්වනු නොඅනුමානය.



MOST VIEWED VIDEO STORIES