Back to Top

විහාරයට ගිනි තබා පළා ගිහින්

විහාරයට ගිනි තබා පළා ගිහින්

April 20, 2017  03:42 pm

Bookmark and Share


හම්බන්තොට, සිරිබෝපුර ශ්‍රී ජයබෝදී විහාරයට අද (20)පෙරවරුවේ ත්‍රිවිල් රථයකින් පැමිණි පිරිසක් ගිනිතබා පළාගිය බව එම විහාරයේ විහාරාධිපති බරවකුබුකේ නාරද හිමියෝ හම්බන්තොට මුලස්ථාන පොලීසියට පැමිණිලි කර තිබේ .

 අද(20) පෙරවරුවේ ත්‍රිවිල්  රථයකින් පැමිණි පරිසක් විහාරය ඉදිරිපිට ත්‍රිවිල් රථය නවතා පසුව ඉන් එක අයෙකු විහාරයට පැමිණ විහාරයේ දාන ශාලාවේ සිවුරු සහිත සිවිලිමට ගිනිතබා පළා ගිය බව විහාරාධිපති හිමියන් පොලීසියට පැමිණිලි කර ඇත .

ගින්න පැතිරීමට මත්තෙන් එය නිවා දැමීමට කටයුතු කළබවත් එම නිසා තරම් හානියක් සිදුනොවූ බවත් උන්වහන්සේ පොලීසියට  පවසා ඇත.

 ගිනිතැබීම සම්බන්ධයෙන්  සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට  හම්බන්තොට මුලස්ථාන පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති  බව පොලීසිය පවසයි.