Back to Top

 මාතලෙන් අනුරපුරයට අයත් දාගැබක් හමුවෙයි

AdaDerana Ad

මාතලෙන් අනුරපුරයට අයත් දාගැබක් හමුවෙයි

April 20, 2017  03:35 pm

Bookmark and Share

මාතලේ, විල්ගමුව සෝනුත්තර රජ මහා විහාරයේ සිදුකළ කැණීම්වලින් අනුරාධපුර යුගයට අයත් දාගැබක් හමුවී තිබේ.

පුරාවිද්‍යා දේපාර්තමේන්තුව විසින් සිදුකළ  කැණීමකදී මෙම දාගැබ හමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

කැණීම්වලින් චතුරස්‍රාකාර ප්‍රකාර බැම්මක් තුළ පිහිටි සලපතල මළුවක් මතුකරගෙන ඇති අතර ඒ මත මීටර් 30ත් 20ත් අතර වට ප්‍රමාණයෙන් යුත් පේසාව සහිත දාගැබ් ගොඩනැගිල්ල පිහිටා තිබේ.

දාගැබ් ගර්භයට ආසන්නව පාෂානමය මල් ආසනයක්, සිරිපතුල් ගලක්, මීටර් එකක විශ්කම්භය සහිත ආකෘති දාගැබ් දෙකක්, කැඩී ගිය සිරිපතුල් ගල් දෙකක් ද කැණීම්වලදී සොයාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම විහාරස්ථානය සෝනුත්තර නම් රහතන් වහන්සේ නමක් වැඩ සිටි බවට සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙයි.