Back to Top

 පාසල් පරිශ්‍ර පවිත්‍රතා විධිමත් කරන්න විශේෂ සාකච්ඡාවක්

AdaDerana Ad

පාසල් පරිශ්‍ර පවිත්‍රතා විධිමත් කරන්න විශේෂ සාකච්ඡාවක්

April 20, 2017  03:22 pm

Bookmark and Share


පාසල් පරිශ්‍ර පවිත්‍රතා කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ලබන 24 වන දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අධ්‍යාපන, සෞඛ්‍ය , පළාත් පාලන, සහ රාජ්‍ය ආරක්ෂක යන අමාත්‍යංශය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

පාසැල් නිවාඩුවෙන් පසු පාසැල් ආරම්භ කිරීමට පෙර පාසැල් පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඩෙංගු උවදුරින් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා ඩෙංගු මර්දන වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කිරීමටද නියමිතය.