Back to Top

 වැලි ගොඩ දැමූ-ප්‍රවාහනය කළ 2ක් කොටු

AdaDerana Ad

වැලි ගොඩ දැමූ-ප්‍රවාහනය කළ 2ක් කොටු

April 20, 2017  02:00 pm

Bookmark and Share

පුල්මඩේ යාන් ඔයේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලාකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරු වැලි ගොඩ දැමීම සඳහා යොදාගත් යාත්‍රාව සහ උපකරණද පොලීසිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

මේ අතර මාන්කුලම, ඔළුමඩු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ට්‍රැක්ටර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාන්කුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මාන්කුලම පොලිස් ස්ථානය වෙත බාරදී තිබේ.