Back to Top

 මාධ්‍යය ජාතික සමගිය පළුදු වන ආකාරයේ පුවත් පළ කරනවා

මාධ්‍යය ජාතික සමගිය පළුදු වන ආකාරයේ පුවත් පළ කරනවා

March 19, 2017  09:54 pm

Bookmark and Share


මෙරට බොහෝ මාධ්‍යය ජාතික සමගිය පළුදු වන ආකාරයේ පුවත් පළ කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බොහෝ දෙමළ මාධ්‍ය පුවත්පත්වල පළ වන වාර්තා ජාතික සමගිය සඳහා සෘණාත්මක  ආකල්ප ගොඩනගන බවය.

 “ජාතික එකමුතුව සඳහා ජනමාධ්‍ය කාර්යය භාරය “ යන මැයෙන් 2006 වසරේ අත්සන් කරන ලද වැලිගම ප්‍රකාශනයේ නැවත හැරී බැලීමක් යන මැයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විද්වත් කථිකාවතට එක්වෙමින් සුමන්තිරන් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

තමන් වැඩි වශයෙන් දෙමළ මාධ්‍ය පුවත්පත් පරිශීලනය කරන අතර ඒවායේ සියයට 90කට වැඩි ප්‍රමාණයක් පවතින්නේ ජාතීන් අතර අසමගිය ඇති වන පුවත් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මාධ්‍යයට ඕනෑම දෙයක් දෙවිදිහකට වාර්තා කළ හැකි බවත් ජාතික සමගිය ගොඩනැගීමේ දී මාධ්‍යයේ කාර්යය භාරය ඉතා වැදගත් බවත්   නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා ද මාධ්‍යය සෘජු දායකත්වයක් ලබාදිය යුතු බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

එම කථිකාවතට එක්වු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ඉදිරි මාස තුන තුළ ජනමාධ්‍ය සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ කටයුතු සම්පාදනය කරන බවය.
 

MOST VIEWED VIDEO STORIES