Back to Top

ඉන්දු - ලංකා ධීවර ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක්

ඉන්දු - ලංකා ධීවර ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක්

March 19, 2017  09:47 pm

Bookmark and Share


තමිල්නාඩු ධීවර නියෝජිතයන් පිරිසක් සහ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාදේශීය නියෝජිත පිරිසක් ඉන්දු - ලංකා ධීවර ගැටළු ඇතුළු ධීවර ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක් සඳහා හෙට(20) නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එරට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් එස්.ජයශංකර් මහතා සමඟ එම සාකච්ඡාව පැවැත්වෙන බවය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ද බොහෝ දුරට එම නියෝජිත පිරිස හමුවීමට ඉඩ ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

පසුගිය මාර්තු හත්වැනිදා සිට රාමේෂ්වරම් ධීවරයින් ආරම්භ කර තිබු වැඩ වර්ජනය දින 10කින් අනතුරුව ඊයේ (18)අවසන් කර තිබේ.

ධීවර යාත්‍රා 600ක් සදහා බලපත්‍ර ලබාදීම සහ සාකච්ඡා සඳහා අවස්ථාව ලබාදීමත් සමඟ එම වැඩ වර්ජනය අවසන් කිරීමට ඉන්දීය ධීවරයින් කටයුතු කළ බව ධීවර නියෝජිත පී.සේසු රාජා ප්‍රකාශ කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් එස්.ජයශංකර් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී වෙඩි වැදීමකින් ඉන්දීය ධීවරයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට මධ්‍යම රජයට බල කිරීමට ද අපේක්ෂා කරන බව ඉන්දීය ධීවර නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා රජය භාරයේ පවතින ධීවර යාත්‍රා 138  නිදහස් කරගැනීම, පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සාමකාමී ධීවර කටයුතුවල නිරත වීම සඳහා කාලරාමුවක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මධ්‍යම රජය සමඟ සාකච්ඡා කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බව වාර්තාවේ.


MOST VIEWED VIDEO STORIES