Back to Top

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයා පළා ගිහින්

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයා පළා ගිහින්

March 19, 2017  04:42 pm

Bookmark and Share


යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකයෙකු බන්ධනාගාර අත්අඩංගුවෙන් මිදී පළාගොස් තිබේ.

යාපනය රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකාර ඉන්දීය ජාතිකයා පළාගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

වීසා නොමැතිව නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් වෙළෙදාමේ නිරතව සිටියදී අදාළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකාර ඉන්දීය ජාතිකයා පළායාම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇති බව තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.