
ආවා කල්ලියට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට
March 19, 2017 04:31 pm
යාපනය ප්රදේශයේ මංකොල්ලකෑම්,කප්පම් ගැනීම් ආදී ක්රියාවන් වෙනුවෙන් මුල් වී කටයුතු කළ ආවා කල්ලියේ බවට සැකකරන පුද්ගලයින් තිදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බැව් යාපනය ආරක්ෂක අංශ පවසයි.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යාපනය පොලීසියට අනුයුක්ත කණ්ඩායම් කිහිපයක් සිදුකළ පරීක්ෂණ මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.
කොළඹ කොටහේන හා දෙහිවල ප්රදේශයන්ගේ සැඟව සිටියදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බැව්ද ආරක්ෂක අංශ පැවසූහ.
සැකකරුවන් රඳවාගෙන ප්රශ්න කිරීම් සිදුකරන බැව්ද ආරක්ෂක අංශ සඳහන් කළහ.
ආවා කල්ලියට සම්බන්ධ සැකකරුවන් විසින් පසුගිය සමයේ යාපනයේ ප්රදේශයේ විවිධ මංකොල්ලකෑම් ක්රියාවන්, පුද්ගල පහරදීම් ක්රියාවන් රැසක් සිදුකරනු ලැබ ඇති බවද වාර්තාවේ.