Back to Top

  මෙය වැරදි අවබෝධයක් මත සිදුවූවක් විය හැකියි-බර්න් හිල්ඩන්

AdaDerana Ad

මෙය වැරදි අවබෝධයක් මත සිදුවූවක් විය හැකියි-බර්න් හිල්ඩන්

March 19, 2017  04:12 pm

Bookmark and Share


ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා පකිස්ථාන ගුවන් සමාගම අතර පැවති ලීසිං පදනම මත A330-300 - 4R-ALN ගුවන් යානා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පකිස්ථාන ගුවන් සේවයේ වැඩ බලන ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ජර්මන් ජාතික බර්න් හිල්ඩන් මහතා අද දෙරණට අදහස් දක්වමින් කියා සිටියේ මෙම සිදුවීම වැරදි අවබෝධයක් මත සිදු වී ඇති බවයි.

එනම් ශ්‍රී ලංකන් ගුවන් සේවය හා පකිස්ථාන් ගුවන් සේවය අතර ලීසිං පදනම මත ගුවන්යානා ලබා දුන්  ගිවිසුමක් අවලංගු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් අදාළ ජර්මන් ජාතික අධ්‍යක්ෂකවරයා හා වෙනත් පකිස්ථාන ගුවන්සේවයේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් ඊයේ (18) දිනයේ පකිස්ථාන මාධ්‍ය  වාර්තා කළේය.

ඒ අනුව අද දෙරණ කළ විසීමකදී ඒ මහතා කියා සිටියේ  ලීසිං පදනම මත ලබාගත් මෙම ගුවන්යානා නීත්‍යානුකූල ආකාරයෙන් ලබාගෙන ඇති නමුත් පකිස්ථාන ගුවන්සේවයේ වගකිවයුතු බලධාරීන් මේ සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් මත කටයුතු කර ඇති බවයි.

මෙම ගුවන්යානා ලබාගෙන ඇත්තේ “ වෙට්ලීස් “ නැමැති ලීසිං පදනම මත බවත්, එය ඉතා විනිවිදභාවයකින් යුතුව සිදුකර ඇති බවත්, එසේ වුවද මේ වන විට අදාළ ගුවන්යානා නැවත ශ්‍රී ලංකාව වෙත ලබාදීමට තීරණය කර ඇති බවත්, ඒ මහතා කියා සිටියේය.

පකිස්ථාන ගුවන් සමාගම හා වෙනත් ගුවන් සමාගම් (චීනය) අතර පැවති මෙවැනි ගුවන් ගිවිසුම්වලදී ලබාගත් ගුවන්යානා මීට අඩු ලීසිං ක්‍රමයක් යටතේ ලබා ගැනීම හා සංසන්දනය කිරීමක් හේතුවෙන් සිදු වූ වැරදි අවබෝධයක් බව අද දෙරණට අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

එසේ වුවුද මෙම සංසන්දනය කිරීම සාධාරණ නොවන බව ඔහු කියා සිටියේය.

එනම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමින් ලබා ගත් ගුවන්යානා අලුත් හා වැඩි පහසුකම් යටතේ ඇති ගුවන්යානා බවත්, චීනයෙන් ලබාගෙන ඇති ගුවන්යානාවල එවැනි පහසුකම් නොමැතිවීම හේතුවෙන් අඩු මුදලකට ලබාගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ අතර පකිස්ථානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් ඔහු රටින් පිටුවහල් කිරීම වළක්වමින් නියෝගය නිකුත් කර ඇති බව විදෙස් වාර්තා ඊයේ වාර්තාකර තිබුණි.

එමෙන්ම ගුවන් සේවයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක බර්න් හිල්ඩන් මහතාගේ නම රටින් පිටුවහල් කිරීම වළක්වාලීමේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවද සඳහන්ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය හා පකිස්ථාන් ගුවන් සේවය අතර පැවති ලීසිං පදනම මත ලබා දුන් ගුවන්යාන ගිවිසුමක් අවලංගු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් අදාළ ජර්මන් ජාතික අධ්‍යක්ෂකවරයා හා වෙනත් පකිස්ථාන ගුවන්සේවයේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් වාර්තා වුණි.

එනම් අදාළ සිදුවීම සම්බන්ධයෙන් දූෂණ හා අක්‍රමිකතා සිදුවී ඇත්දැයි විමර්ශනය සිදුකිරීමට කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බවත් පකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබුණි.