Back to Top

 ගුරු සංගමයෙන් විරෝධයක්

AdaDerana Ad

ගුරු සංගමයෙන් විරෝධයක්

March 19, 2017  02:58 pm

Bookmark and Share


වතුකරයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරු කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

වතුකරයේ පාසල් අධ්‍යාපනය පරිහානියට පත්ව ඇති තත්ත්වයක් තුළ ගුරු හිඟයට පිළියමක් ලෙස මෙවැනි තීරණයන්ට එළඹීම වෙනුවට කළ යුත්තේ නව ගුරුපත්වීම් ලබාදීම බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

උතුරු නැගෙනහිර මෙන්ම වතුකරයේ ද දෙමළ මාධ්‍යයේ උපාධිධාරීන් රැකියා විරහිතව සිටින බව ඔහු පෙන්වා දෙයි.

  ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව තරග විභාගයක් පවත්වා ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කිරීමට හැකියාව තිබියදී විශ්‍රාමික ගුරුවරු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම ඵලදායී ක්‍රියාවක් නොවන බව ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.