Back to Top

බන්ධනාගාර බසයට වෙඩි තැබීම-සැකකරුවෙක් රිමාන්ඩ්

AdaDerana Ad

බන්ධනාගාර බසයට වෙඩි තැබීම-සැකකරුවෙක් රිමාන්ඩ්

March 19, 2017  02:53 pm

Bookmark and Share


කළුතර බන්ධනාගාර බස් රථයකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් “සමයං“ ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ලබන 23 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පැවසුවේය.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිද්ධිය පිළිබඳ සිදුකළ විමර්ශන අනුව අදාළ ප්‍රහාරය සිදුකිරීම සඳහා ඔත්තු බැලූ බවට සැකපිට මෙම  සැකකරු පසුගිය 16 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

 සැකකරු සමග තවත් කාන්තාවක් ද අත්අඩංගුවට ගත් අතර ඇය විසින් අදාළ අපරාධය සිදුකළ පුද්ගලයෙකුට රැකවරණය ලබාදී ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබු බව සඳහන්ය.

කෙසේවෙතත් එම කාන්තාව ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇති අතර සැකකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.  

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේය.

එහිදී සැකකරු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

 සිද්ධියට අදාළව තවත් සැකකරුවන් හත්දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේය.