Back to Top

 පැය 48ක් තුළ 3ක් මිය යයි-65 වාට්ටුව වැසෙයි!

පැය 48ක් තුළ 3ක් මිය යයි-65 වාට්ටුව වැසෙයි!

January 11, 2017  05:26 pm

Bookmark and Share


මහනුවර මහ රෝහලේ 65 වන වාට්ටුව වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා ඇති බව වාර්තා වෙයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ පැය 48ක් තුළදී රෝගීන් තිදෙනෙකු මිය යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

රෝහල් වාට්ටුව තුළ සීඝ්‍රයෙන් පැතිර යන වෛරසයක් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බව  අණාවරණය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා අද දෙරණ සමග පවසා සිටියේය.