ඉරානයට සහ කියුබාවට ප්‍රබල භූ කම්පන දෙකක්
June 9, 2026 09:08 am
ඉරානයේ සහ කියුබාවේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ දකුණු හෝමොස්ගන් පළාතේ සර්ගාස් හි කිලෝමීටර් 22ක් ගැඹුරින් රික්ටර් මාපක 5ක ප්‍රභලත්වයකින් භූ කම්පනයක් සිදුව ඇති බවය.
එමෙන්ම කියුබාවේ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් රික්ටර් මාපාංක 6.1ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක් ද සිදුව ඇත.
භූ කම්පනයෙන් දේපොළ හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
