කොංගෝවේ බෝම්බ පිපිරීමකින් 30ක් මරුට
සයුරෙන් එතෙර

කොංගෝවේ බෝම්බ පිපිරීමකින් 30ක් මරුට

December 9, 2025   12:28 pm

නැගෙනහිර කොංගෝවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 30 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.

පිපිරීමෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සහ එරට ආරක්ෂක අංශ අතර පැවති ගැටුම් අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන් ය.

නැගෙනහිර කොංගෝවේ විරෝධතාවල නිරත වූ කැරලිකරුවන් 100ක පමණ පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කරයි.