සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝට  පළමු වතාවට රතු කාඩ්පතක්

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්

November 14, 2025   02:00 pm

යුරෝපා කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළේය.

ජාත්‍යන්තර පාපන්දු පිටියේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.

යුරෝපා කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ අයර්ලන්තය සහ පෘතුගාලය අතර තරගය ඊයේ පැවැත්වුණේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදීය.

තරගයේ 61 වැනි මිනිත්තුවේදී අයර්ලන්ත දඬුවම් සීමාව තුළදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අයර්ලන්ත ක්‍රීඩකයෙක්ට වැලමිටෙන් පහරක් එල්ල කළේය.

එය පාපන්දු නීතිවලට අනුව විනය විරෝධී ක්‍රියාවක් වීම හේතුවෙන් විනිසුරුවරයා රොනාල්ඩෝට කහ කාඩ්පතක් ලබා දුන්නද රූපවාහිනී විනිසුරු විමසීමෙන් අනතුරුව රොනාල්ඩෝට මෙසේ රතු කාඩ්පතක් ලබා දුන්නේය.

ඒ අනුව රොනාල්ඩෝට තරගයෙන් ඉවත්වීමට සිදු විය.

ජාත්‍යන්තර පාපන්දු නීතිවලට අනුව රොනාල්ඩෝට ලැබුණු රතු කාඩ්පත හේතුවෙන් ඔහුට තවත් තරග 3ක් ක්‍රීඩා කිරීම තහනම් වේ.

පෘතුගාලය තවත් එක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත අතර යම් හෙයකින් පෘතුගාලය සෘජුව 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවහොත් ඔහුට පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ පළමු තරග දෙක අහිමි වේ.