ත්‍රස්තවාදයට එරෙහිව ඊශ්‍රායලය ඉන්දියාව සමග
සයුරෙන් එතෙර

ත්‍රස්තවාදයට එරෙහිව ඊශ්‍රායලය ඉන්දියාව සමග

November 12, 2025   04:07 pm

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඊශ්‍රායලය ඉන්දියාව සමඟ සිටින බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.

නවදිල්ලි නුවර සිදුකළ මෝටර් රථ බෝම්බ පිපිරීමෙන් අනතුරුව ඉන්දු - ඊශ්‍රායල සබඳතා සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඉකුත් 10 වනදා ඉන්දියාවේ නවදිල්ලි නුවර රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසල මෝටර් රථයක් තුළ සිදුකළ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකු තුවාල ලැබීය. 

ඒ සම්බන්ධයෙන් ඉන්දීය ජනතාවට ශෝකය පළ කරමින් ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා මේ බව පවසා තිබුණි.

මේ අතර ප්‍රහාරයෙන් අනතුරුව රුසියාව ද ඉන්දියාව වෙත ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ වින්දිතයින්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන බවය.