සයිප්‍රසයේ භූ කම්පනයක්

සයිප්‍රසයේ භූ කම්පනයක්

November 12, 2025   03:44 pm

නිරිතදිග සයිප්‍රසයේ වෙරළබඩ නගරයක් වන පැෆොස් සිට කිලෝමීටර් 16ක් ක් පමණ ඊසාන දෙසින් භූමිකම්පාවක් සිදුව තිබේ.

යුරෝපීය - මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කළේ, එරට වේලාවෙන්  (12 ) උදෑසන 09.31 ට පමණ රික්ටර් මාපකයේ 5.7 ක භූමිකම්පාවක් ඇති වූ බවත්, එහි අපිකේන්ද්‍රය කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවත්ය.

මෙම භූ කම්පනය උතුරු ඊශ්‍රායලයේ ජනතාවට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ නමුත් සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.