මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් කුඩා ළමුන් ඇතුළු 23ක් මරුට

මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් කුඩා ළමුන් ඇතුළු 23ක් මරුට

November 2, 2025   12:07 pm

වයඹදිග මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කුඩා ළමයින් ද සිටින බවය.  

එමෙන්ම මෙම ගින්න හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ද පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.