තීරු බදු රහිතව ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

තීරු බදු රහිතව ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

July 20, 2025   02:54 pm

තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 600ක් ළඟ තබාගෙන සිටි විදේශිකයෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රොටුන්ඩා උද්‍යානය පෙදෙසේදී සිදු කළ විශේෂ වැටලීමකදී මෙම දුම්වැටි තොගය සොයා ගෙන ඇත. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40ක් වන චීන ජාතිකයෙකි.

කොල්ලුපිටිය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.