දකුණු කොරියාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මරුට
July 20, 2025 02:39 pm
දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
මේ වන විට එරට ගලවාගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.
පසුගිය බදාදා දිනෙන් ආරම්භ වූ වර්ෂාව හේතුවෙන් එරට 10,000කට ආසන්න පිරිසක් සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගොස් තිබුණි.
ආපදා තත්ත්වයෙන් දරුණුතම බලපෑම එල්ල වී ඇත්තේ එරට දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට වන අතර ගංවතුර තත්ත්වයෙන් මාර්ග සහ ගොඩනැගිලි දහස් ගණනක් යට වී ඇතැයි ද වාර්තා වේ.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් එරට ප්‍රදේශ රැසකට බරපතළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමටද එරට ආපදා කළමනාකරණ කාර්යාලය පියවර ගෙන තිබේ.