උඩු ගුවනේදී ගුවන් යානයක එන්ජිමක් ගිනි ගනී
July 20, 2025 11:08 am
ඩෙල්ටා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් ගුවන්ගත වී ටික වේලාවකට පසු එන්ජිමක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.
මෙම ගුවන් යානය බොයිං 767 මාදිලියට අයත් ගුවන්යානයක් වන අතර එය ඇට්ලන්ටා ගුවන්තොටුපොළ බලා පියාසර කිරීමට නියමිතව තිබුණි.
ගුවන් යානයේ වම් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පෙන්නුම් කරන වීඩීයෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වේ.
කෙසේ වෙතත් මෙම ගුවන් යානය ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩබස්සවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ගුවන්තොටුපොළ ගිනි නිවන භටයින් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.