මීමුරේ ප්‍රදේශයේ වෑන් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මරුට

මීමුරේ ප්‍රදේශයේ වෑන් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මරුට

July 19, 2025   07:13 pm

UPDATE - මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. 

අනතුරින් මේ වන විට මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

එමෙන්ම අනතුරින් අවුරුදු 05ක ළමයෙක් සහ තවත් දෙදෙනෙකු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇතැයිද සඳහන් වේ.

මියගිය පිරිස මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් මීමුරේ ප්‍රදේශය දක්වා ගමන් කිරීමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

අනතුරින් අවුරුදු 05ක ළමයෙක් සහ තවත් දෙදෙනෙකු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇතැයිද සඳහන් වේ.

------------------------------------------------------

හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ කරඹකැටිය ප්‍රදේශයේ වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අද (19) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

අනතුරට ලක්වූවන් මේ වන විට රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.