වෙන්නප්පුව මුහුදේ දී සිවිදෙනෙක් දියේ ගිලෙයි - තිදෙනෙක් අතුරුදන්
May 13, 2025 07:38 pm
වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.
එක් අයෙකුගේ මළසිරුර පසුව හමුව ඇති අතර අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්රියාත්මක වේ.
ඔවුන් නුවරඑළිය ප්රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
මේ අතර මාතලේ සිට පැමිණ දැදුරුඔයේ දියනෑමට ගිය පිරිසක් අතරින් තිදෙනෙකු අද (13) පස්වරුවේ දියේ ගිලී තිබේ.
ඔවුන් අතරින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකිවී තිබෙන අතර එක් අයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ 28 හැවිරිදි විවාහකයෙකි.