චීන - තායිවාන අර්බුදය දුරදිග යයි ද ?
සයුරෙන් එතෙර

චීන - තායිවාන අර්බුදය දුරදිග යයි ද ?

December 14, 2024   12:58 pm

තායිවානය අවට මුහුදු සීමාව තුළ හමුදා අභ්‍යාස සිදුකිරීම සඳහා තම රටට හිමිකමක් ඇති බව චීනයේ ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇතැයි වාර්තා වෙයි.

තායිවානය අවට දින කිහිපයක සිට සිදුකෙරෙන හමුදා ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති පසුබිමක මෙම ප්‍රකාශය සිදුකර තිබීම විශේෂත්වයකි.

එමෙන්ම බෙදුම්වාදී බලවේගයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය නම් හමුදාව සූදානම් බවද පෙන්වාදී තිබේ.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යංශය ඉකුත් සතියයේ හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කළේ, නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ ආසන්නයේ වඩාත් පුළුල් ලෙස චීන හමුදා ක්‍රියාකාරකම්වල වැඩිවීමක් නිරීක්ෂණය කළ බව පවසමිනි.